Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාවට හොම්බෙන් යන්නට වෙන ලකුණු : ආණ්ඩුවෙන් දෙන බව කියන සහන, පොලියත් සමඟ ගෙවන්නට වෙන හැඩ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියමිත තක්සේරුවේ : ණය ඕන නම් නිර්දේශ දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තාවනවා.

ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාව සමග සිදුකළ සාකච්ඡා වලදී මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන කරුණු පිලිබදව මෙහිදී වැඩි අවධානයක් යොමුවී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම නිර්දේශ අනුව රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි.

එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.

බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත.

ඒ අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත්තේ සන්දේශයක් මගින්.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රජය විසින් දිගින් දිගටම මුදල් අච්චු ගැසීම තව දුරටත් රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති බවයි.

ඉදිරියේදී රටේ ජනතාව බරපතල ආර්ථික සහ මුල්‍ය අර්බුදයකට මුහුණ දෙන බව ඔවුන්ගේ අදහසයි.

About The Author