Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිටපු ජනාධිපති සිරිසේන සරම ඇඳගෙන ඔලුවෙන් හිටං ද ?

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ රටේ දේශපාලනය තුළ විශේෂ කතාබහක් නිර්මාණය වෙමින් තියෙනවා.

ආණ්ඩු පක්ෂයේ සිටින ජේෂ්ඨතම දේශපාලකයෙකු වන ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු දරමින් සිටි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරෙන්නේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම හේතුවෙන් කියලයි කියන්නේ.

කෙසේ වෙතත් මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේම දේශපාලඥයන් විවිධ අදහස් පළ කරන්නට පටන් අරගෙන තියෙනවා.

මෙහි ඉතාම වැදගත් අදහසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයෙ (04) මාතලේදී පැවති ජන හමුවකදී සඳහන් කළා.

හිටපු ජනාධිපති සිරිසේන මහතා සඳහන් කරන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අත්හිටුවන්න ඕන කියලා.

ඔහුට අමතකයි ඔහු සභාපති කම් කරන ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 සම්මත කරගන්න තුනෙන් දෙකක් ලබා දෙන්න අත උස්සපු බව.

මාධ්‍යවේදියෙක් ඒ ගැන දවසක් ඔහුගෙන් ප්‍රශ්න කලාම ඔහු කියනවා ඔව් ඒගොල්ලො ඡන්දෙ දුන්නට මම දුන්නෙ නෑනේ කියලා.

හිතාගන්න පුළුවන් නේ උත්තරෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිගේ තරම.

ඔහු කියනවා ජනාධිපති ගෝඨාභය සුසිල් ගෙදර යවලා සිද්ධ කළේ අසාධාරණයක් කියලා.

ඔහුට මතක නැහැ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා තමන් විසින්ම නොකියාම අයින් කරපු හැටි.

ඔහු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් කතා කරනවා.

ඔහුට මතක නැහැ 2018 ඔක්තෝම්බර් මාසෙ 26 වෙනිද ඔහු කරපු ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය ගැන.

සුසිල් කියන්නේ රාජ්‍ය ඇමති කෙනෙක්.

එදා ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා රාජපක්ෂලා එක්ක එකතුවෙලා ගෙදර ඇරියේ ජනවරමකින් වසර 05 කට බලයට පත් වෙලා හිටපු අගමැතිවරයෙක් ප්‍රමුඛ ඇමති මණ්ඩලයක්.

එහෙම ගෙදර යවල පාර්ලිමේන්තුව ඇතුලේ බාල් නටන්න ඉඩ දීපු, පාර්ලිමේන්තුවේ ගෞරවය කුල්ල කුජීතු වෙන්න ඇරපු මෛත්‍රි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා.

එදා නාමල් කුමාර කියලා ජනාධිපති කාර්ය සාධක බලකායකට සම්බන්ධ බවට සමාජයේ කතා බහට ලක්වුණු පුද්ගලක් කරලියට ඇවිත් ජනාධිපති සිරිසේන සහ වත්මන් ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මරා දාන්න එක්සත් ජාතික පක්ෂය සැලසුම් සකස් කරලා කියලා මහා ආන්දෝලනයක් සමාජයේ ඇති වෙන්න ඉඩ දීල පස්සේ ඒ ගැන කතා නොකරපු මෛත්‍රීපාල සිරිසේන අද සිල් අරගෙන වගේ.

අනේ එදා මාව මරන්න හදපු කුමන්ත්‍රණය ගැන දැන්වත් තොරතුරු හොයලා කියන්න කියලා කටක් ඇරලා කියන්න මෛත්‍රීපාල සිරිසේන උන්නැහෙට අදටත් බෑ.

මොකද ඒ ?

පාස්කු ප්‍රහාරයේ දී තොරතුරු දැන දැනම සිංගප්පූරුවට වෙලා රටට ඕන දෙයක් වෙද්දෙන් කියලා බලන් හිටපු සිරිසේන මහත්තයා ගැන කරුණු සැරටම හෙළිකළේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා.

ඕන නම් ඒ ගැන කියන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වුණත් එන්නං කියලා ප්‍රසන්න රණතුංග මහත්තයා කිව්වා.

එතකොට රතන හාමුදුරුවොත් එක්ක එකතුවෙලා රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ මිනීමැරුම් චෝදනාවකට වරදකරු වෙලා මරණ දණ්ඩනයට ලක්ව සිටි අපරාධකරු නිදහස් කරන්න මිලියන හාරසියක අල්ලසක් ගත්ත කියලත් මේ සිරිසේන මැතිතුමාට චෝදනා එල්ල වුණා.

යහපාලනය ඇති කරන්න පොරොන්දු දීලා හතර අතේ දිවුරල ආපු සිරිසේන මහත්තයට දින සීය පහුවෙනකොට සේරම අමතක උනා කියලයි හැමෝම කතාවෙන්නේ.

රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා මෛත්‍රිපාල රටේ ජනතාවට යහපාලනය කියන වචනයත් එපා කෙරෙව්වා කියලයි බහුතරයක් රටේ මිනිස්සු කිව්වේ.

ජනාධිපතිකම් කරන කාලයෙත් රටේ වෙන දේවල් පත්තරෙන් කියවල දැනගත්ත සිරිසේන මහත්තය අද මේ මොනවද කියන්නේ.

තමන් කරපු දේවල් අමතක කරලා නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන මේ වගේ දේශපාලකයෝ අපේ රටේ බිහි වෙන්නේ අපේ රටේ බත් කන හරක්ට සතියෙන් දෙකෙන් හැමදේම අමතක වෙන නිසා.

හැබැයි රටේ මිනිස්සුන්ට නම් ඔය කාගේ කාගේත් කෙරුවාවල් නම් අමතක වෙන්නේ නෑ.

සිරිසේන මහත්තයා මේ කියන කතා එක්ක වෙලාවකට හිතෙනවා එතුමා සරමක් ඇඳගෙන අත් දෙක බිමින් තියාගෙන ඔලුවෙන් හිටගෙන කකුල් දෙකම උඩට උසස්ස ගන්න මාරම ට්‍රයි එකක් දෙනව ද කියලා.

සිරිසේන මහත්තයා කෙසේ වෙතත් මේ වෙනකොට ගොඩක් දේශපාලකයෝ සරම පිටින් ඔලුවෙන් හිටගෙන ඉවරයි.

එහෙම නොකරපු අය ජනතාව එකතුවෙලා සරම පිටින් ඔළුවෙන් හිටවන්න පටන් අරන්.

ඒ නිසා පහුගිය කාළේ අම්බානකට රඟපු මිනිස්න්සු අන්දපු රටේ පාලකයෝ දේශපාලකයෝ ගොඩක් දැන් ඉන්නේ ඔන්න ඔය ඉරියව්වෙන්.

© මී මැස්සා