ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 75 ක් ඉන්දියාවට : වසර 50ක ගිවිසුමක්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසනවා.
තෙල් බැරල් ලක්ෂ 80ක් එක්වර ගබඩා කළ හැකි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර වසර 100ක් පමණ ගතවී ඇතත් මේ දක්වා ඉන් නිසි ප්‍රයෝජනයක් නොගන්නා බවයි ඇමතිවරයා සඳහන් කළේ.
ඊට අදාළව දැනට ඉන්දීය රජය සමග අත්සන් කර ඇති ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ ඇති බව ද ඇමතිවරයා සඳහන් කළා.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.
ඉන්දියාව සමඟ මාස 16ක් පුරා කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සංවර්ධන ව්‍යාපෘතිය අරඹන බව ද ගම්මන්පිල මහතා මෙහිදී සන්ධාන කළා.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී සමාගම දැනටමත් භාවිතා කරන පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් ඉදිරි වසර 50ක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත් නියමිතව තිබෙනවා.
ඉතිරි තෙල් ටැංකි 61 සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක් හා ලංකා අයි.ඕ.සී සමාගමට සියයට 49ක් කොටස් අයිතිය හිමිවන ලෙස ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නම් සමාගමක් මඟින් සංවර්ධනය කොට පවත්වාගෙන යාමට නියමිත බවයි වාර්තාවන්නේ.
මීට කලින් ඇමති ගම්මන්පිල කියූ කතාව
2021 වසරේ පෙබරවාරි 17 වනදා ප්‍රසිද්ධ රැස්වීමකට එක් වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඉන්දියාව සමග සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් පසු 2003 වසරේ සිට රටට අහිමිව තිබු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීරණයේ හිමිකම තවත් නොබෝ දිනකින්ම ලංකාවට හිමිවන බවයි.
කෙසේ වෙතත් දැන් සිදුව තිබෙන්නේ අත්සන් කර තිබු ගිවිසුම් ප්‍රකාරව තවත් වසර කිහිපයකින් ශ්‍රී ලංකාවට සම්පුර්ණයෙන්ම හිමිවීමට තිබු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය තවත් වසර 50 කටත් වඩා වැඩි කාලයකට රටට අහිමි වීම පමණයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි