රණවිරුවන් ගෞරවය කෙළෙසන්න එපා අනුර කුමාර පාර්ලිමේන්තුවට කියයි
අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී පැවසුවා,
හමුදා සාමාජිකයන් සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට මෙලෙස යැවීමට පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද සඳහන් කළා.
ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින්.
මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් අනුර කුමාර මහතා සඳහන් කරනු ලැබුවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හමුදා සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වැරදි වැඩක් බවයි.
හමුදාවේ පහළ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බවත් නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයට යොදවා ඇති බවද දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.
හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට ගෞරවය ලබා දිය යුතු බවද අවධාරණය කළා.
ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ආහාර වේල ගැනද ආරක්ෂක ඇමැතිවරයා අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් මෙහිදී සිහිපත් කළා.
පොලිස් නිලධාරීන්ද අද විශේෂ පීඩාවකට ලක්ව සිටින බවත් පොලිස් සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් අනුර දිසානායක මහතා පැවැසීය.
රටේ කොස්තාපල්වරුන් 17,500 හිඟයක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මැදගොඩ අබේතිස්ස හිමිගේ සුනේත්ප්ලසා
2015 වසරට පෙර පැවති රාජපක්ෂ රජය සමයේ මේ ආකාරයෙන්ම පුද්ගලික ඉදිකිරීම් සඳහා හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳ ප්‍රශ්න රැසක් නිර්මාණය වූ අතර ආණ්ඩුව විශාල සහයක් ලබා දෙන පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති මැදගොඩ අබේතිස්ස හිමියන්ට අයත් බව පැවසුන බොරලැස්ගමුව නගරයේ ඇති සුනෙත් ප්ලාසා වෙළඳ සංකීරණය ඉදි කිරීම සඳහාද හමුදා නිලධාරීන් යොදා ගැනීම පිළිබද උණුසුම් වාතාවරණයන් නිර්මාණය වුණා.
© මුලාශ්‍රය – ලංකාදීප
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී