Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා පුද්ගලික ආයතනයකින් වැඩසටහනක්

ප්‍රයිම් ටියුෂන් හා ශිල්ප දනව්ව වෙතින් දරුවන් 6000කට නොමිලේ අධ්‍යාපනික වරම්

online අධ්‍යාපනය හරහා උපකාරක පන්ති පැවැත්වීමේ මෙරට පුරෝගාමී ආයතනයක් වන ප්‍රයිම් ටියුෂන් ආයතනය සහ දැනට වසරක පමණ කාලයක සිට දැයේ දරුවන්ට නොමිලේ උපකාරක පන්ති පවත්වාගෙන යනු ලබන ශිල්ප දනව්ව අධ්‍යාපන ආයතනය එක්ව  6 සිට 11 ශ්‍රේණිය දක්වා, දරුවන් 6000කට තව දුරටත් නොමිලයේ අධ්‍යාපන අවස්ථා ලබාදෙම සඳහා නව වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මස සිට විශේෂ අධ්‍යාපනික අවස්ථාවන් රැසක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

නොමිලේ පැවැත්වෙන උපකාරක පන්ති සඳහා අවශ්‍ය සූම් තාක්ෂණ පහසුකම් මෙන්ම එලෙස ඉගෙන ගන්නා දරුවන්ගේ විභාග කට කටයුතු සඳහා මාර්ගගත ප්‍රශ්නපත්‍ර ලබාදීම හා අනෙකුත් කුසලතාවන් සඳහා අවශ්‍ය අනුග්‍රහකත්වය ලබා දීම ප්‍රයිම් ටියුෂන් ආයතනය මගින් ඉටු කරනු බව සඳහන්.

මෙම වැඩසටහන දැයේ දරුවන් වෙත නිල වශයෙන් හඳුන්වාදීමේ මුහුරත් උළෙල පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ සම්භාවනීය ජ්‍යෙෂ්ඨ මහචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රයිම් ටියුෂන් හා ශිල්ප දනව්ව අධ්‍යාපන ආයතනයන්හි කළමනාකාරිත්වය, ගුරු භවතුන් ඇතුළු සුභපතන්නන්ගේ සහභාගීත්වයෙන් නුගේගොඩ ප්‍රයිම් ටියුෂන් ආයතනයේදී පවත්වනු ලැබුවා.

www.primetuition.lk සහ www.siyarata.edu.lk යන වෙබ් අඩවි වෙත පිවිසිමෙන් අදාල නොමිලේ අධ්‍යාපන අවස්ථා පිළිබඳව තොරතුරු ලබා ගත හැක.