ආණ්ඩුව සෞඛ්‍ය සැපයුම් කරුවන්ට බිලියන 12 පොල්ලක් තියලා – තව මෙහෙම යන්න බෑ සැපයුම්කරුවන් දැනුම් දීලා
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැපයුම් කරුවන් සදහා ගෙවීමට නියමිත රුපියල් බිලියන 12ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එහි සභාපති රවි කුමුදේශ් මහතා පවසා අනාවරණය කරන්නේ මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී සෞඛ්‍ය සේවාවන් රැසක් අදාළ වීමට නියමිත බවයි.
සෞඛ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ ද ඔහු කිසිවක් සිදු නොකර සියල්ල අයාලේ යන තත්ත්වයට පත් කර ඇති බව ද ඔහු චෝදනා කරනවා.
ගෙවීමට ඇති මුදල් අතර රුපියල් බිලියනයක් පමණ වසරකට වඩා වැඩි කාලයක් තුල ගෙවා නොමැති ණය මුදල් වන බවත් තවත් බිලියන 4ක් පමණ මාස 6කට වඩා පැරණි නොගෙවූ මුදල් බවත් රවි කුමුදේශ් මහතා පවසනවා.
ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රජය ණය වී ඇති මුදල රුපියල් මිලියන 150ක්.
රසායනාගාර සේවා සදහා රුපියල් මිලියන 2500කට වඩා වැඩි ණය මුදලක් පියවීමට ද සිදුව තිබෙනවා.
අනුරාධපුර රෝහලේ ඔක්සිජන් සැපයුම නවතා දමලා
මේ හේතුවෙන් සමාගම් ගණනාවක් ඉදිරියේදී තම සේවාවන් අත් හිටුවීමට තීරණය කර ඇති අතර පසුගිය සතියේදී අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ඔක්සිජන් සැපයුම අදාල සමාගම විසින් නතර කර දමා ඇති බව ද රවි කුමුදේශ් මහතා හෙළි කරනවා.
දැඩි සත්කාර සේවා අනතුරේ
ඒ අනූව දැඩි සත්කාර සේවාවන් සියල්ල බරපතල අර්බුධයකට ලක්ව ඇති අතර MRI, CT ස්කෑන්, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර අංශ සහ රසායනාගාර සේවාවන් පවත්වාගත නොහැකි තත්වයකට පත් විය හැකි බවයි ඔහු පවසන්නේ.
අත්‍යවශ්‍ය සේවා වෙනුවට අත්‍යවශ්‍ය නොවන ඉහළ මිල ගණන් වලින් යුතු භාණ්ඩ රෝහල් සඳහා මිලදී ගනිමින් සිටින බවට චෝදනාවක් ද කුමුදේශ් මහතා සිදු කරනවා.
ප්‍රතිපත්තියක් නොමැති කටයුතු හේතුවෙන් සෞඛ්‍ය සේවාව තවදුරටත් බරපතළ ණය අර්බුදයට හිර වන බව පෙන්වා දෙන රවි කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ අදාල ණය මුදල් වහා ගෙවා දමා සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය කටයුතු කළ යුතු බවයි.
එසේ කිරීමට ඔවුන් අපොහොසත් වන්නේ නම් තවදුරටත් සෞඛ්‍ය සේවාව බරපතළ කඩාවැටීමකට ලක් වීම නැවැත්විය නොහැකි බවද ඔහු අවධාරණය කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි