Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සුරතලියක කොළඹ ගෙනා හැටි වසර 20කට පසු එළියට

දිවි පරදුවට තබමින් සිදුකළ මෙහෙයුමක තොරතුරු මෙන්න

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සතුව සිටි සුරතලික වූ ඇතින්නක කොළඹ ගෙන ඒමේ ත්‍රාසජනක මෙහෙයුමක් පිළිබඳ තොරතුරු අප ඔබට හෙළි කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව , නාවික හමුදාව සහ ‍ ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම සඳහා සම්බන්ධව කටයුතු කර තිබෙනවා.

ලෝකයේ මුහුදු මගින් වැඩිම ආරක්ෂාවක් සහිතව ප්‍රවාහනය කළ ඇතින්න ඇය යි.

තම ජීවිතය අවදානමේ හෙළමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වූ එවකට පින්නවල ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වත්මනෙහි ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය සහ සුබසාධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ චන්දන රාජපක්ෂ මහතා Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සිය අත්දැකීම් විස්තර කළේ මේ අයුරින්.