ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය හා එයින් මිය යන සියලු රෝගීන් පිළිබඳ තම සංවිධානය ඉමහත් සතුටින් පසු වන බව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය පවසා සිටියි.
මේ බව සඳහන් කළේ පසුගිය සතියේ දිනක සිය වෙබ් අඩවිය වෙතට හඬපටයක් නිකුත් කළ, එහි මාධ්‍ය ප්‍රකාශක යැයි කියා ගන්නා “අබු හම්සා අල් කුරේෂි” නම් පුද්ගලයෙකි. ඔහුට අනුව මුළු ලොව ම සිය සංවිධානයේ නායකයා මරා දැමීමේ වරදට වන්දි ගෙවමින් සිටියි. හදිසියේ මතු වූ මෙම වසංගතය යනු දෙවියන් විසින් තම සංවිධානය විනාශ කිරීමට දත කන පුද්ගලයින් වෙත එවන ලද දිව්‍යමය දඬුවමකි.
තම සාමාජිකයින්ට මෙන් අන්‍යයන්ට දෙවියන් දකින්නට නොහැකි වී ඇත්තේ ඔවුන් පව්කාරයින් නිසා ය. එහෙයින් මෙම වසංගතයෙන් එනම්, දේව දඬුවමින් බේරීමට ගත හැකි හොඳ ම ක්‍රියාමාර්ගය වන්නේ සිය සංවිධානයට එකතු වීම බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. මෙම ප්‍රකාශය පිළිබඳ බොහෝ රටවල් සිය අප්‍රසාදය පළ කරයි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර