Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොව පුරා කොවිඩ්-19 මරණ තුන්ලක්ෂ අනූදෙදහස ඉක්මවයි

ලොව පුරා රටවල්වලින් අද(05) වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් හැට නව ලක්ෂ අනූ දෙදහසකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

වාර්තාවන සමස්ත ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ අනූ දෙදහසකට අධිකයි.

මේ අතර ඉරානයේ යළිත් කොවිඩ් වසංගතය හිස එසවීමේ අවධානමක් මතුව තිබේ.

ඉරානය තුළ දෙවන කොවිඩ් රැල්ලක් ව්‍යාප්තවීමේ අවධානම මතුකරමින් ඊයේ එරටින් නව ආසාදිතයන් 3,574 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එරටින් අඛණ්ඩව දින තුනකදී තුන්දහස ඉක්මවූ දෛනික ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබීමත් විශේෂත්වයකි.

ඒ සමග එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 164,270 දක්වා ඉහළ යන අතර ඉයේ වාර්තාවූ මරණ 59 සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,071 දක්වා ඉහළ ගියේය.

පවතින වාතාවරණය අනුව ඉදිරි දිනවලදී පුද්ගලයන් අතර සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම සහ ආරක්ෂිත මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය අවශ්‍යතාවක් බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.