Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප් මිනසෝටාව කොන් කරයි.

පොලිස් නිළධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මරණයට පත් වූ කළු ජාතිකයෙකු මුල් කර ගනිමින් ඇමරිකාවේ “මිනිඇපොලිස්” සහ “ශාන්ත පෝල්” ඇතුළු නගර විසි පහක පමණ විරෝධතා රැසක් පැන නැඟී තිබේ. 

හොර චෙක්පතක් හෝ මුදල් භාවිත කිරීමේ වරදට පසුගිය සඳුදා දින අත්අඩංගුවට පත් වූ “ජෝර්ජ් ෆ්ලොයිඩ්” නමැති 47 හැවිරිදි කළු ජාතිකයා පොලිසිය විසින් ඔහුගේ වාහනයෙන් පිටතට ඇද දමනු ලැබිණි. පසුව එක් පොලිස් නිළධාරියෙකු ඔහුගේ ගෙලට සිය දණහිස තබා, හුස්ම හිර වන සේ තද කරමින් සිටි අතර, මෙම අවස්ථාවේ දී ජෝර්ජ් ඉතා අපහසුවෙන් “මට හුස්ම ගන්න බැහැ, මට හුස්ම ගන්න බැහැ, අනේ මාව මරන්න එපා…” යනුවෙන් වේදනාත්මක ව කෙඳිරි නඟන ආකාරය සිය වීඩියෝ කැමරාවට හසු කර ගැනීමට යම් කිසිවෙකු සමත් වී තිබේ. අසල සිටියවුන් මෙම ක්‍රියාව නැවැත්වීමට උත්සාහ කළ ද, පොලිස් නිළධාරියා එය තඹයකටවත් ගණන් ගෙන නැත. මඳින් මඳ ජෝර්ජ්ගේ උත්සාහය හීන වූ අතර, ගිලන් රථයකින් රෝහල වෙත ගෙන යමින් සිටියෙ දී ඔහු මිය ගිය බව කියවේ.

සෝමාලියානු සම්භවයක් සහිත කළු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් හඬ නඟන්නවුන් පවසන්නේ වරද කුමක් වුවත් ඔහු හිතාමතාම මරා දමනු ලැබුවේ ඔහු කළු ජාතිකයෙකු වූ නිසා ම පමණක් බව ය. කළු ජාතිකයෙකු වූ හිටපු ජනාධිපති බරක් ඔබාමා ප්‍රජාතන්ත්‍රවාදී ව රට පාලනය කළ ද, වත්මන් නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවගේ දුක් වේදනා කනකටවත් නොගැනීම පිළිබඳ ඔවුහු සිය අප්‍රසාදය පළ කරති. 

මේ වන විට අදාළ පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කොට තිබුණ ද, ජනතාව ඉල්ලා සිටින්නේ වඩාත් සාධාරණ නඩු විභාගයකි. විරෝධතාකරුවන් අදාළ නගර කඩා බිඳ දමමින් කොල්ලකෑමෙහි නිරත වන අයුරු ද දක්නට ලැබේ. 

මිනිඇපොලිස් නගරාධිපති, “ජේකබ් ෆ්‍රේ” මෙම සිද්ධිය පිළිබඳ මධ්‍යස්ථ මතයක් දරයි. එහෙත් ජනාධිපතිවරයා පවසනුයේ තමා විරෝධතාකරුවන්ට කිසිදු සමාවක් නොදෙන බව යි. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමා මිනසෝටා ආදී කැරැලි පවතින නගර හැර, අන් සියලු පළාත්වලට සහන චෙක්පතක් ලබා දෙන බව ය. “උඹලා මංකොල්ල කාපුවා තියෙනවා නෙ. ඒවා කාපල්ලා”. ට්‍රම්ප් පවසයි. 

About The Author