නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එම කටයුතු අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක කාලයක් ලබා දී ඇති බව වාර්තවනවා.
නව ආණ්ඩුකම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදාට පෙර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මීට පෙර උපදෙස් ලබා දී තිබුණා.
එහෙත් එම කටයුතු මෙතෙක් අවසන්වී නැති අතර එම කටයුතු අවසන් කිරීම සඳහා තවත් මාස තුනක කාලයක් මෙසේ ලබා දුන් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සතියට කීප වරක් රැස්වී ඒ පිළිබඳ යෝජනා අධ්‍යනය කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
© ලංකාදීප
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට