Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප‍්‍රීතිට රියැලිටි එපා වෙලා.

               ලංකාවේ වගේ ම ලෝකේ පුරාත් Dancing reality show බිහි වුණාට බොලිවුඩ් නිළි ප‍්‍රීති සින්තාට නම් ඒවා පේන්න බැහැ. විනිශ්චය ආසනයේ වාඩි වෙලා, තමාට දෙන මුදල් ප‍්‍රමාණය අනුව “ඔයා නියමයි” එහෙමත් නැත්නම් “ඔයා අන්තිමයි” වගේ දේවල් කිය කිය ඉන්න එක එයා දකින්නේ විකාරයක් හැටියට.

විනිශ්චයකරුවන් හිතාගෙන ඉන්නවා ලු එයාලා තමයි මේ ලෝකේ ඉන්න හොඳ ම නර්තන විශේෂඥයන් කියලා. බැරි වැඩ නොකරන් අබරෝ කියනවා වගේ ප‍්‍රීති හිතනවා තව කෙනෙකුගේ නර්තනය විනිශ්චය කරන්න තරම් තමා ඒ ගැන විශාරදයෙකුත් නොවෙයි කියලා. කෙනෙකුගේ හැකියාවක් දැක්කොත් ප‍්‍රීති ඒ ගැන අවංකව ම අදහස් ප‍්‍රකාශ කරන්න පසුබට වෙන්නේ නැහැ. ඩාන්සින් රියැලිටි ෂෝවල නො හිටියාට ප‍්‍රීති “ගිනස් වර්ල්ඩ් රෙකොර්ඩ්ස්” කියන රියැලිටි වැඩසටහනේ පෙනී හිටිනවා. එයා ඒ වැඩසටහනේ තරඟකරුවන් එක්ක එකතු වෙලා කෑම හදන හැටිත් වයින් රස විඳින හැටිත් දකින්න ලැබෙනවා.

ඒත් නර්තනය සම්බන්ධයෙන් තත්ත්වය වෙනස්. අපි ප‍්‍රාර්ථනා කරනවා තමන්ගේ කාලයෙන් වැඩි ප‍්‍රමාණයක් රියැලිටි වැඩසටහන් වෙනුවෙන් වැය කරන මධුරි ඩික්සිත්, මලයිකා අරෝරා ඛාන්, ෆාරා ඛාන්, රිතික් රෝෂන් වාගේ උදවියට ප‍්‍රීතිගේ මේ චෝදනා ගැන නම් දැන ගන්න ලැබෙන්න එපා කියලා. එහෙම වුණොත් නම් බොලිවුඩ් ලෝකය ඇතුළෙ ලොකු යුද්ධයක් ඇති වෙනවා සිකුරු යි.