Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2014 රාජපක්ෂ ආණ්ඩුව සමයේ ටෙන්ඩර් මගඩියකට රාජිතට අධිචෝදනා භාරදී – ඇප නියම කරයි

2014 වසරේ , නිදහස් සන්ධාන රජය සමයේ ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියකදී රජයට පාඩු සිදුවන අයුරින් අක්‍රමිකතාවයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

අනෙක් විත්තිකරුවන් ලෙස එවකට ධීවර සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ උපාලි ලියනගේ සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රවීන්ද්‍ර මුණසිංහ යන මහත්වරුන් නම් කර තිබෙනවා.

අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව ඔවුන් 03 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා.

එමෙන්ම චුදිතයන්ගේ ඇගිළි සළකුණු වාර්තා සහ පෙර වැරදි වාර්තා කැඳවන ලෙසටද අධිකරණය විසින් නියම කර තිබෙනවා.

රාජිත සේනාරත්න මහතා 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවස්ථාවේ දී මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීමේදී වංචාවක් සිදුව ඇති බව අදාළ චෝදනාවේ සඳහන්.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. 

අප්‍රේල් 21 වනදා නඩුව නැවත කැදවීමට නියමිතයි.

About The Author