මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා එයට පක්ෂව ඡන්දය ලබා දීමේ සිදුවීම පසු ගිය කාලයේ දේශපාලනයේ දැඩි කතා බහට ලක් වුණා.
කෙසේ වෙතත් මේ වන විට එම මන්ත්‍රීවරුන් විසින්ම එයට බලපෑ හේතුව අනාවරණය කර තිබෙනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වන බවට ඔවුන් විස්න්ම තර්ක කළ අදාළ සංශෝධනයට ඔවුන් සහය ලබා දී ඇත්තේ කොරෝනා අසාධනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට ආණ්ඩුව ඉඩදෙන බවට වූ පොරොන්දුවක් මතයි.
ඊයේ (14) පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා විසින් මේ බව මාධ්‍යයට හෙළිකර තිබෙනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු පස් දෙනාගෙන් එහි නායක රවුෆ් හකීම් මහතා හැර ඉතිරි හතර දෙනාම 20වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන්නා.
නමුත් මේ දක්වා අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ශ්‍රී මුස්ලිම් කොංග්‍රසය කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි