පසුගිය දින කිහිපයේ පාර්ලිමේන්තු විවාද ආවරණය සදහා සහභාගී වූ Sunday Times පුවත් පතේ මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ සිදු කරන ලද PCR පරීක්ෂණයක ප්‍රථිපල අනුවයි.
අදාල මාධ්‍යවේදියා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද විවාදය පැවති දින වලදී පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කර ඇති අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු මැති ඇමතිවරුන්ගේ අදහස් ලබා ගැනීම සදහා ද සහභාගී වී තිබෙනවා.
මේ තත්වය තුළ අදාල මාධ්‍යවේදියා සමග කටයුතු කල සෙසු සහෝදර මාධ්‍යවේදීන් සහ ඔහු හා සම්බන්ධ වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද ස්වයං නිරෝධායනය සදහා උපදෙස් ලබා දී ඇති බව සදහන්.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි