Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉරාකය යට ඉරානය

මැද පෙරදිග දේශපාලනික යුධ පිටිවල උණුසුම ඉහළ නැඟීමත් සමඟ ඉරාකයේත් ඉරානයේත් ආතතිය වඩාත් ගැටලුකාරී තත්ත්වයකට ගොදුරු වෙමින් තිබේ. මෑත සතිවල ඉරානයෙන් අනුබල ලත් සන්නද්ධ කණ්ඩායම් විසින් දියත් කරන ලදැයි සැක කෙරෙන රොකට් ප්‍රහාර රාශියක් පිළිබඳ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය මතු වී ඇත. මේ අතර ම ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හට තර්ජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු, තමන් සාම ගිවිසුම්වලින් ඉවත් වන බවට සැළ කර ඇත.

ලෙබනනයේ දී, රාජ්‍ය බිඳවැටීම වළක්වාලීම සඳහා වූ දේශපාලන යෝජනාවක් මතු කිරීමට ප්‍රංශය මුල පුරා තිබෙන අතර, ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා ප්‍රමුඛ කණ්ඩායම හා රට තුළ සිටින සවුදි පිටුබලය ලත් දේශපාලනඥයින් ඉන් වඩාත් කුලප්පු වී ඇති බව පෙනී යයි. විශ්ලේෂකයින් පවසන පරිදි මෙම නවතම තත්ත්වය හේතුවෙන් රටවල් දෙකෙහිම ව්‍යසනයේ සෙවණැලි මතු කෙරෙන අතර, නොවැම්බර් 3 වන දින එක්සත් ජනපද මැතිවරණයට මැදපෙරදිග රටවල මැදිහත් වීම යම්තාක් දුරකට හෝ සිදු වනු ඇති බවට බොහෝ දෙනෙක් සැක පහළ කරති.

මෑත දී එල්ල කෙරුණු ඉරාක රොකට් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පිහිටා තිබෙන ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා දැමීමට තමන් තීරණය කර ඇති බව පොම්පියේ පවසා තිබේ. එහෙත් ඇතැමුන් ප්‍රශ්න කරනුයේ පසුගිය වසරේ සිට ලෙබනනය පුරා මෙවැනි රොකට් ප්‍රහාර දක්නට ලැබෙන හෙයින් හදිසියේ කාර්යාලය වසා දැමීමට ඇමරිකාවට අවශ්‍ය වී ඇත්තේ ඇයි ද යන්නයි. එම තීරණය තුළ කිසියම් සැකයක් සැඟවී ඇති බවත්, කාලයට ඉඩ දී බලා සිටීම හැරුණු කොට වෙනත් විකල්පයක් තමන්ට නොපෙනෙන බවත් ඉරාන විශ්ලේෂක සාජාඩ් ජියාඩ් පවසා තිබේ.

මේ අතර ඉරාක අගමැති මුස්තාපා අල්-කද්මි අගෝස්තු අග දී වොෂිංටන් බලා ගිය ගමනක ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව හා ලෙබනනයේ පිහිටි ඔවුන්ගේ කාර්යාලය මෙපමණ කාලයක් බේරී සිටින බව පෙනේ. මෙම සංචාරය හරහා ඉරාකයත් ඉරානයත් අතර තරඟයට ඇමරිකාවේ සහය ලබා ගැනීමට ගත් උත්සාහයක් පිළිබිඹු වෙයි. ගනුදෙනු, චාරිකා සහ වෙනත් සංකේතාත්මක අභිනයන් හරහා ඉරාකය කෙසේ හෝ ඇමරිකාවේ සහය තමන් වෙත ලබා ගැනීමට යත්න දරමින් සිටියි. 

ඒ අනුව මේ වන විට ඇමරිකාව එහි ප්‍රතිඵල පෙන්වමින් ඉන්නා බව සිතිය හැකි ය. මන්දයත් ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපල අසල එක ම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඝාතණය කරමින් එල්ල කෙරුණු නවතම ප්‍රහාර රැල්ල මධ්‍යයේ ධවල මන්දිරය පැහැදිලි ව ම ඉරානයට අනතුරු අඟවා තිබෙන්නේ ටෙහෙරානයට අනුබද්ධිත සන්නද්ධ කණ්ඩායම්වල සියලු ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු කරන ලෙස යි. ඉරානයේ පිටුබලය ලබන පක්ෂ එරට පාර්ලිමේන්තු ආසනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් දරමින් සිටින බැවින් මෙය ඉහළින් ලද නියෝගයක් ලෙස සැලකිය යුතු බව පොම්පියෝගේ නිගමනය වී තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author