ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කර තිබේ.
නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
එයාර් වයිස්මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.
ඔහු 1985 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇති අතර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් ද වේ.
එයාර්වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ලබන සඳුදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට