Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හොලිවුඩයේ අකරතැබ්බ

1.එමා වොට්සන් දන්නවා නේ? “හැරී පොටර්” චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිත තුනෙන් එකක් වුණු “හර්මායනී”ට රඟපෑවේ එයා තමයි. ඉතින් දැනට අවුරුදු දෙකකට විතර කලින් එමාට අපූරු වැඩක් වුණා.

එයා හරි ආසයි තමන්ගේ ඇඟේ තැන් තැන්වල ටැටූස් ගහන්න. ඒ කිව්වේ පච්ච කොටන්න. 2018 පැවැත්වුණු ඔස්කාර් සම්මාන උලෙලටත් එමා ගියේ අලුත් ම ටැටූ එකක් ඇඟේ ගහගෙන. ඒකෙ ලියලා තිබුණේ “Time’s up” (කාලය ඉවරයි) කියලා. හැබැයි අර මැද තියෙන උඩු කොමාව නැතුව. එ්ක එච්චර ලොකු වැරැද්දක් නෙවෙයි වුණත්, වැරදි හොයන්න බලාගෙන ඉන්න කට්ටියට ඔය කොමාවත් ඇති. ඒ මදිවට ලැජ්ජාව!

එමා කොහොමහරි එදා දවසේ ඉවසගෙන ඉඳලා, පහුවදා ම ගිහින් වැරැද්ද හදා ගත්තා ලු. කොමාවක් නිසා ලොකු ගැටලුවක් නෑ නේ. දැන් නම් එයා අලුතින් ටැටූ එකක් ගහන්න කලින් හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අකුරු ටික ආපහු චෙක් කර ගන්නවා ලු.

2. රසිකයින් කැමති වුණාට නළු නිළියන්ගේ ප්‍රේම සම්බන්ධතා ගැන දැනගන්න, සමහරු කැමති නෑ තමන්ගේ පෞද්ගලික දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න. “ජේමි ෆොක්ස්” කියන්නෙත් ඒ ජාතියේ අභිරහස් නළුවෙක් තමා.

එයා පහුගිය දවස්වල “කේටි හෝම්ස්” කියන නිළියත් එක්ක ටිකක් වැඩිපුර ඇයිහොඳයි පවත්වපු බව පෙනුණා. ඒත් කවුරු හරි නිකමටවත් ඒ කෙල්ල ගැන ඇහුවොත් එහෙම ෆොක්ස් පැනලා දුවනවා. 

මේ ළඟදී දවසකත් මයිකල් ස්මිත් කියන නිවේදකයා අහලා තියෙනවා ෆොක්ස් වැලන්ටයින් ඩේ එක දවසේ කේට් එක්ක බාස්කට් බෝල් සෙල්ලම් කළා නේද කියලා. තත්පර තිහක් විතර නිවේදකයා දිහා තුෂ්ණිම්භූත වෙලා බලාගෙන හිටපු ෆොක්ස්, දඩිබිඩි ගාලා මයික් එකත් ගලවලා විසි කරලා දාලා, එළියට බැහැලා යන්න ගියා ලු. කට්ටිය තාම කල්පනා කරනවා ලු මේ හොඳට කතා කර කර හිටපු මනුස්සයට එකපාරට මක් වුණා ද කියලා.

3.”තෝර්”, “ඇවෙන්ජර්ස්” වගේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවක රඟපෑව ඉඩ්‍රිස් එල්බාට උපහාරයක් විදිහට එයා වගේ බෝනික්කෙක් හදන්න “එම්පෙරිස්” කියලා සමාගමක් උත්සාහ කළා. හැබැයි ප්‍රශ්නෙ මතු වුණේ බෝනික්කා හදලා ඉවර වුණාට පස්සෙයි. 

සමාගම නම් මේකට ඩොලර් දාහක විතර මිළකුත් නියම කරලා ප්‍රදර්ශනයට තිබ්බා. ඒ වුණාට බෝනික්කා දැකපු කිසි ම කෙනෙක් පිළි ගත්තෙ නැහැ ලු ඒකෙ මුහුණ ඉඩ්‍රිස්ගේ කියලා. හැමෝම කියන්න පටන් ගත්තා එම්පෙරිස්ලා ඉඩ්‍රිස්ගේ කියලා, “රොමානි මැල්කෝ”ගේ බෝනික්කෙක් හදලා කියලා. රොමානිත් හොඳ නළුවෙක් තමයි. ඒත් ඉඩ්‍රිස් තරම් ප්‍රවීණයෙක් නෙවෙයි.

හොඳ ම වැඩේ කියන්නේ තමන්ගේ රූපය දකින්න බලාගෙන හිටපු ඉඩ්‍රිස් පවා “බෝනික්කා රොමානි වගේ නේද? ” කියලා අහපු එක නේ.