සමාජ මාධ්‍ය ඔස්සේ තමා මුහුණ පා ඇති ගැටළු කිහිපයක් ඉදිරිපත් කළ අලුත්ගම පොලිසියේ සේවය කළ ප පොලිස් පරීක්ෂකවරයකු වූ දමිත් ජයතිලක මහතාගේ සේවය වහාම ක්‍රියත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව (22) වනදා තීරණය කර තිබෙනවා.
අළුත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අපහසුතාවයට පත්වන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම ඇතුළු චෝදනා එකොළහක් යටතේ සිදු කළ පරීක්ෂණ ප‍්‍රතිඵල හේතුවෙන් එම එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ නියෝග මත සිදුකළ පරීක්ෂණ ප‍්‍රතිඵල අනුව එම පොලිස් නිලධාරියාට චෝදනා එකොළහක් යටතේ ගොනු කර තිබෙන චෝදනා පත‍්‍රයක් ලබාදී සේවය අත්හිටුවීමට කටයුතු කර ඇතැයි කළුතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා සඳහන් කළා.
සිය සේවා ස්ථානය වූ අලූත්ගම පොලිස් ස්ථානයට සහ පොලිස් ස්ථානාධිපතිවරයාටත්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු නොකළ යුතු ආකාරයේ අපහාසාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම එම නිලධාරියට එල වී ඇති ප්‍රධාන චෝදනා අතුරින් එකක්.
පොලිස් දෙපාර්තමේන්තුවේ වසර නවයක කාලයක් සේවය කර ඇති මෙම නිලධාරියා මොරටුව පොලිස් ස්ථානයෙන් පසුව වසර දෙකකට වැඩි කාලයක් අලූත්ගම පොලිසියේ සේවය කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට