තම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ දේශපාලකයන්ගේ අනිසි බලපෑම් හේතුවෙන් තමන්ට පොලිස් රාජකාරී කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇති බව පවසන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
අලුත්ගම පොලිස්ථානයට අනුයුක්තව උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන තමන්ට, අලුත්ගම පොලිසියේ ස්ථානාධිති අශෝක කරුණාරත්න මහතාගේ බලපෑම හේතුවෙන් රාජකාරී කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.
තමන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ස්ථානාධිපතිවරයා විසින් මුදාහැර ඇති බව ද පවසන අදාළ පුද්ගලයා සඳහන් කරන්නේ දිගින් දිගටම තම රාජකාරියට එල්ලවන බලපෑම හේතුවෙන් තමන් විශාල පීඩාවකට මුහුණ දෙන බවයි,
එබැවින් මෙවැනි වටපිටාවක් තුළ රාජකාරී සිදුකල නොහැකි බව ද ඔහු සඳහන් කරනවා.
මේ වන විට පොලිස් සේවය දේශපාලන බලපෑම් වලට යටත් වී ඇති බවත්, මේ තුළ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කරන්නේ අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට සිටිමින් තම ජංගම දුරකථනයක් හරහා ප්‍රකාශයක් සිදු කරමින් වීම විශේෂත්වයක්.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රතිචාරය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියා මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි.
එබැවින් ඔහුට වගකීම් සහිත රාජකාරි කටයුතු නොපවරන බවද පොලිස් ජනාධිපතිවරයා අපට සඳහන් කළා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්