Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සතොසෙන් වාසි පිට වාසි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (24) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 120කින්, සුදු ලූණු සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 25 බැගින්, කඩල කිලෝවක් රුපියල් 15 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 12 කින්, දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 11 කින්, ටින් මාළු (ග්‍රෑම් 425), ලොකු ලූණු සහ අර්තාපල් කිලෝවක් රුපියල් 10 බැගින් සහ වටානා පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් අඩු කළ බව ද සතොස කීය.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,380 කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 450 කට, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1,100 කට, කඩල කිලෝවක් රුපියල් 555 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 205 කට, දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 199 කට, ටින් මාළු ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 520 කට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 119 කට, අර්තාපල් කිලෝවක් රුපියල් 270 කට සහ වටානා පරිප්පු කිලෝවක් රුපියල් 298 කට මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.