Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබෙන් ජාජබවේගයට චෝදනා

මේ රට විනාශ කළේ රාජපක්ෂලා. රාජපක්ෂලා බලයට ගෙන්න ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 02 දින දඹුල්ලේ දී පැවසීය.

සමගි ජනබල බලවේගය බලයට පත්වූ වහාම රාජපක්ෂලා සොරකම් කළ සියලු දේ හෙළි කොට ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයේ මුදල් සියල්ල නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරනවා.

ජාතික සමගි ජන බලවේගයේ දඹුල්ල , ගලේවෙල, සහ පල්ලේපොල ප්‍රාදේශීය සභා හා මහ නගර සභා අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ල ආසන සංවිධායක යු .ආර් . දයානන්ද සිරි මහතා දඹුල්ල නිස්සංක පිටියේ සංවිධානය කළ රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

අධික වැසි සහිත තත්ත්වයක් මත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි .

මෙහිදී දහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා නගර සභා මහ නගර සභාවල කිසිදු සභාපතිවරයකුට උප සභාපතිවරයකුට මන්ත්‍රීවරයකුට කිසිදු කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ නොතබන බවය. තම පක්ෂයේ මතයට පිටින් යන ඕනෑම මන්ත්‍රීවරයකු එයින් ඉවත් කරනවා.