රටේ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීම සඳහා ඇරැඹූ වගා සංග්‍රාමයට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද එකතු කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අහාර සුරක්ෂිතාව පිළිබඳ කමිටුවට අද පවසා තිබෙනවා.
ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීම රජයේ වගකීම බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු මොහොතේ මුළු රටම එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙන බවද සඳහන් කර තිබෙනවා.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි වගා සංග්‍රාමය සැලසුම් එන සතියේ දී සකස් කර අවසන් වුව හොත් කැබිනට් මණ්ඩලයට එම සැලසුම ඉදිරිපත් කර අදාල අනුමැතිය ලබා ගැනීමට ඇමැතිවරුට හැකියාව ලැබෙන බවයි.
එම සැලසුම සති දෙක තුනකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
මෙම කමිටු රැස්වීමට දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර,මහත්වරු ද සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි තිගාම්බරන්,වී.රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් මෙන්ම කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.


අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට