Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ මුලතිව් මුහුදු තීරයත් ඉන්දියානු ආක්‍රමණයට ලක් වෙයි : නාවුක හමුදාව බුදිද ධීවරයෝ විමසති

ලංකාවේ ධීවරයන්ට ඉන්ධන හිඟවෙද්දී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ලංකා මුහුදේ ජයටම වැඩ

මෙතෙක් කාලයක් යාපනය මුහුදු සීමාවට පමණක් ඇතුලු වූ ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු සීමාවටද පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීමේ කටයුතු සිදු කරගෙන යන්නට පටන්ගෙන ඇතැයි මුලතිව් ධීවර සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ උප සභාපති එස්. චන්ද්‍රසේකරන් මහතා ප්‍රකාශ කළේ මේ දිනවල දිනකට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 600 ක් පමණ මුලතිව් මුහුදු තීරයට පැමිණ මසුන් මරණ බවයි.

ඉන්ධන හිඟය නිසා මුලතිව් ධීවරයෝ මේ දිනවල මුහුදු යෑමෙන් වැළකී සිටින නිසා ඉන්දීය ධීවරයන්ට කිසිදු බාධාවකින් තොරව මුලතිව් මුහුදු කලාපයට පැමිණීමට අවස්ථාව උදා වී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය මත මුලතිව් ධීවර පවුල් 9000කට වඩා වැඩි සංඛ්‍යාවක පිරිස දැඩි පීඩාවකට පත්ව සිටින බව ප්‍රකාශ කළ ධීවර සමිති නායකයා මේ සම්බන්ධයෙන් මුලතිව් නාවික හමුදා කඳවුරට පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළා.

නමුත් මේ වන තෙක් ඉන්දීය ධිවර් බෝට්ටු මුලතිව් මුහුදු තීරයට ඇතුළු වීම පාලනය කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බවයි පවසෙන්නේ.