Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විශේෂඥ උපදෙස් පිළිපදිමින් සතියක් හෝ රට වහන්න – මල්වතු අස්ගිරි නාහිමිවරුන් ජනපතිගෙන් ඉල්ලයි

රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළ කරයි

පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කොට විශේෂඥ උපදෙස් අනුව යමින් සතියක පමණ කාලයකට හෝ රට වසා දමන ලෙස සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව වල මහනායක හිමිවරුන් ජනපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබෙනවා.

උන්වහන්සේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළකර ඇති අතර දිනෙන් දින ඉහළ යන රෝගී මරණ අනුපාතය පාලනය කිරීම සඳහා සංවේදීව මැදිහත්ව කටයුතු කරන ලෙසයි ඉල්ලා තිබෙන්නේ.

අදාල ලිපිය පහලින්

About The Author