Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වාහන භාර දී ත්‍රීවීලයෙන් ගෙදර ගිය සුසිල්ට අසේලගෙන් ප්‍රහාරයක් !

වාහන පර්මිට් කතාවක් එලියට

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ පසුගියදායි. (04)

එලෙස ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය අමාත්‍යාංශයෙන් ඔහුට ලබාදී තිබූ බඩු බාහිර ආදිය සහ නිල වාහන භාරදීමෙන් අනතුරුව සිය ආරක්ෂක නිලධාරියකු ද සමග ත්‍රිරෝද රථයකින් පිටව යන ආකාරය ඊයේ දිනයේ බොහෝ මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ මෙවැන්නක්,

“දැන් මං වාහන ඔක්කෝම භාරදීලා තියෙන්නේ. බඩු භාරදීලා තියෙන්නේ. දැන් මං ත්‍රීවිල් එකෙන් තමා යන්නේ. හැබැයි උසාවි ගිහින් වාහනයක් ගන්නවා. උසාවි ගිහින් ටික දවසක් යද්දි වාහනයක් ගත හැකියි. හොරකම් කරලා ගන්න ඒවා නෙමෙයි නේ. අපි උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා ගන්නවා. සුබ අනාගතයක්”

වසර විස්සකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සහ ඇමතිධුර රැසක කටයුතු කර තිබුණද සුසිල් ප්‍රේමජයන්ත මහතාට ගමන් බිමන් යාමට රජයෙන් ලබා දී තිබු වාහනය හැරුණු විට වෙනත් වාහනයක් වත් නොමැති බව මෙමගින් සමාජගත වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන අසේල සම්පත් මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි අපූර්ව සටහනක් තබා තිබෙනවා.

ඉන් ඔහු ප්‍රශ්න කරන්නේ ,

ඇමැති සුසිල් ගෙදර යන්නේ ත්‍රිරෝද රියෙන් නම් ඔහුට දුන් වාහන පර්මිට් වලට මොකද වුනේ ?

යනුවෙන්.

මෙම ප්‍රශ්නයද සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ත්‍රීවිල් ගමන මෙන්ම සමාජයට සිතන්ට බොහෝ දේ ඉතිරි කර තිබෙනවා.

වසර 30කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සුසිල් ප්‍රේමජයන්ත මහතාට අසේල සම්පත් මහතා පවසන ආකාරයට මන්ත්‍රී වරප්‍රසාද අනුව වාහන පර්මිට් කීයක් ලැබෙන්නට ඇති ද?

එසේ වාහන පර්මිට් හිමිකම තිබියදීත් අමාත්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් තිස්සේ අදාළ අමාත්‍යාංශ වලින් ලද ඉස්තරම්ම වාහන භාවිත කළ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ත්‍රිරෝද රථ ගමන අහම්බයක්ද? ආශ්චර්යකද? උමතුවක්ද? යතාර්තයක්ද කියා දන්නේ ප්‍රේමජයන්ත මහතාම පමණි.

අපි අපට ගෝචර ලෙස බුද්ධිමත්ව සිතමු.