සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබූ සමයේ එය නඩත්තු කළ සේවකයන්ට වැඩිපුර ගෙවා ඇති රුපියල් කෝටි 07 හමාරකට අධික හමාරක අතිකාල දීමනා නැවත අයකර ගැනීම තෙල් සංස්ථාව තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් මතයි.
පිරිපහදුවේ සේවයේ නිරත සේවකයින් 1100ක් පමණ පිරිසක් මෙම අතිකාල දීමනා ලබා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව මෙම මාසයේ සිට එක් සේවකයෙකුගේ වැටුපෙන් රුපියල් පන්දහසත් හැත්තෑ දහසත් අතර මුදලක් කපාහැර අදාල මුදල් අයකරගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ ඇති වැදගත් කරුණ වන්නේ කොරෝනා ගැන දී රෝහල්ගතව සිටි සේවකයින්ට ද අදාල රෝහල්ගතව සිටි කාලයේදී ද අතිකාල දීමනා ගෙවා ඇති බව හෙළිවීමයි.
කෙසේවෙතත් එහි ඇතැම් සේවකයින් පවසා තිබෙන්නේ තමන් අතිකාල දිමනා ලබා ගෙන ඇත්තේ නිවැරදිව බවයි.
එබැවින් අදාල මුදල් නැවත අයකර ගැනීම කටයුතු කළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවටද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.
වරාය විදුලි සහ ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ද මීට පෙර අවස්ථා ගණනාවක දීම මෙම අතිකාල දීමනා ගෙවීම පිළිබඳ හෙළි කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට