වතු කම්කරුවන්ට පමණක් දොස් කියන්න එපා, ආණ්ඩුවත් වගකිව යුතුයි – දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්
වතුකරය ආශ්රිත මේ වනවිට උණුසුම් තත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා.
වතු කිහිපයකම කම්කරුවන් විසින් මේ වන විටත් කළමනාකරුවන්ට සහ නිලධාරීන්ට පහර දීමේ සිදුවීම් රැසක් වාර්තා වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ වතු කම්කරුවන්ගේ මෙම හැසිරීම තමන් කිසි විටෙකත් අනුමත නොකරන බවයි.
නමුත් මෙම සිදුවීම ඇතිවීම පිළිබඳ වතු කම්කරුවන්ට දෝෂාරෝපණය එල්ල කිරීම වරදක් බව පෙන්වා දෙන මනෝ ගනේෂන් මහතා ඒ සම්බන්ධ වැඩි වගකීමක් රජයට ඇති බව ද සිහිපත් කරනවා.
කම්කරුවන් විසින් වතු නිලධාරීන්ට පහර දීම හරහා පිළිබිඹු වන්නේ වතුකරය තුළ එම ජනතාව මුහුණ දෙමින් තිබෙන දැඩි පීඩනය බවද පවසන ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වතුකරයේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් මිරිකී සිටින බවයි.
ඉහළ යන භාණ්ඩ මිල හමුවේ ආහාරපාන පවා මිලදී ගත නොහැකි අන්ත අසරණ තැනකට ඔවුන් පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවත් ඔහු සඳහන් කරනවා.
වතුකරයේ සිදුව ඇති ආර්ථික පරිහානිය මෙන්ම කෘෂි කර්මාන්තය බිඳ වැටීම හරහා වගාවන්ට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් හෝ පොරොන්දු ලබාදෙමින් කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා පියවර ගන්නා බව සඳහන් කළ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ අවිශ්වාසයක් මතුව ඇති බව ද ඔහු සඳහන් කරනවා.
වතුකරයේ ජනතාව වෙනුවෙන් දියත් කරමින් තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ද නතර කර දමා ඇති රජය ජනතාවගේ පිට වරද පටවමින් නිහඬව සිටී මේ අරමුණ කුමක්දැයි යන්න පිළිබඳ තමා පුදුමයට පත්ව ඇතැයි ද මනෝ ගනේෂන් මහතා සඳහන් කරනවා.
වතු කම්කරුවන්ට ලබා දීමට පොරොන්දු වූ වැටුප මේ වන තෙක් නිසි පරිදි ලබා දීමට බොහෝ පාර්ශව අපොහොසත් වී ඇති බවත් එය අධිකරණයට බාර දෙයි සියලු දෙනා නිද්‍රාශීලීව සිටින බවත් පවසන මනෝ ගනේෂන් මහතා මෙම පීඩනය . වතු ජනතාවට දරාගත නොහැකි බවයි සඳහන් කරන්නේ.
පවතින පොහොර ගැටලුව ඇතුළු වැවිලි කර්මාන්ත ක්ෂේත්රයේ ඇති පරිහානිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා මැදිහත් විය යුතු බව පවසන මනෝ ගනේෂන් මහතා අනතුරු ඇඟවීමක් ද සිදු කරනවා.
ඒ මෙම ප්රශ්නය පාලනය කරගත නොහැකි තැනකට තල්ලු වීමෙන් ඇතිවන ගැටලු ඇති නොවන්නට පෙර වහා මැදිහත් වීමේ දැඩි අවශ්‍යතාවය ද සිහිපත් කරමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි