සිපෙට්කෝ අසරණ වී ඇති මොහොතක – Lanka IOC අධිකාරී බලය පෙන්වයි
ඉන්ධන මිල දී ගැනීමට නොහැකිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපහසුතාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියානු තෙල් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඔවුන් තම සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් හරහා බෙදාහැරෙන ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව සුපරි ඩීසල් හා ඩීසල් ලීටරයක් රුපියල් 15කින් හා ඔක්ටේන් 95 සහ 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව මෙරට ඉතිහාසයේ ඩීසල් සහ පෙට්‍රල් වලට නියම වූ ඉහළම අගය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම පෙබරවාරි මාසය තුළ ඉන්ධන මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙයයි.
ඉන්ධන සඳහා මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම අර්බුදයකට ද මුහුණ දී සිටිනවා ඉන්ධන මිල දී ගැනීමට නොහැකිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපහසුතාවට පත්ව සිටින මොහොතක ලංකාවේ ඉන්දියානු තෙල් සමාගම මෙම ඉන්ධන මිල ඉහළ නැංවීම සිදු කිරීම විශේෂත්වයක්.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 ක් දක්වාත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 139 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්