Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුක්රේන ජනාධිපතිත් යුධ බිමට.

යුක්රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි සිය හමුදාව සමඟ එක් ව යුධ බිමට ඇතුළු වී තිබේ. හමුදා නිළ ඇඳුම් ද ඇඟ ලා යුධ භටයෙකු මෙන් ඔහු සටන් වදින බව වාර්තා පවසයි. 

සෙලෙන්ස්කි ජනතාවට පොරොන්දු වී ඇත්⁣තේ තමා මේ වන විට ප්‍රහාරයට ලක් ව ඇති යුක්රේන අගනගරය වන කියෙව්හි රැඳී සිටින බව යි.

වොලොඩිමියර් සෙලෙන්ස්කි යුක්රේනයේ ජනාධිපතිවරයා ලෙස පළමු වරට රූපවාහිනී තිරවල පෙනී සිටි විට, ඔහු එය කළේ ජනප්‍රිය විකට කතා මාලාවක නළුවෙකු ලෙසිනි.

එනමුත් 2019න් පසු ඔහු සැබෑ ලෙස ම ජනාධිපති බවට පත් වූයේ 73%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් විශාල ලෙස ජයග්‍රහණය කරමිනි.

මේ වන විට ඔහු මිලියන 44ක ජනතාවක් සිටින රටකට නායකත්වය දෙන අතර දැනට රුසියානු හමුදාවන්ගේ “අංක එකේ ඉලක්කය” සෙලෙන්ස්කි බව පැවසෙයි.

“මට වෙනත් තේරීමක් නැත, මම එය කළ යුතුයි. මම සටන් කරන්නෙමි.” ජනාධිපති අද දිනයේ ITV’s Good Morning Britain වෙත පවසා තිබේ.