ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාරය අද විවෘතවී කෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින්.
මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝ මීටර් 30ක් දිගැති අධි බලැති විදුලි සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය මගින් උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.
විදුලිය නිපදවීමේ ක්‍රියාවලියේදී කිසිදූ පරිසර දුෂණයක් සිදු නොවීම මෙහි ඇති වැදගත් කමයි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන හා උතුරු පළාත් ආණ්ඩුකාරිනි පී. එස්. එම්. චාර්ල්ස්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් ඇතුළු රජයේ උසස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.







අත නොහැර කියවන තැන
ත්‍රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්