Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෝසි සේනානායක ඇතුළු කොළඹ මන්ත්‍රී කණ්ඩායම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සිරිකොතදී හමුවෙයි

කොළඹ මහනගර සභාවේ පුරපති රෝසි සේනානායක මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී සිදුව තිබෙනවා.

රෝසි සේනානායක මහත්මිය සමග කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද මෙම හමුවට එක් වුණා.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාද එක්ව තිබෙනවා.

එහිදී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු සහ ප්‍රයෝගික තත්වයන් පිලිබඳ දීර්ඝ වශයෙන් රුවන් විජයවර්ධන මහතා සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.