Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුපියල “මස්තබාල්දු” වෙයි – බඩු මිලත් ඉහල යන ලකුණු

ශ්‍රී ලංකා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් වී තිබුණා.

මෙලෙස ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය පහල යාමට හේතුව ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රජය විසින් පසුගිය කාලයේ සිදු කල මුදල් අච්චුගැසීම මෙන්ම කෘතීම ලෙස කොටස් වෙළදපොල උච්චාවචනයන් පාලනයට උත්සාහ කල බවට එල්ල වන චෝදනා පිළිබඳ තත්වයන්ද මේ සඳහා යම් බලපෑමක් කර ඇතිද යන්න සොයා බැලිය යුතු බවයි.

කෙසේ වෙතත් මෙහි බලපෑම හේතුවෙන් ආනයනික භාණ්ඩ ඇතුළු, බඩු මිල ඉහල යාමේ අවදානමක් ද මතුව තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.