Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජ්‍ය ආයතනවලට තරු පංතියේ හෝටල්වල කෑම තහනම්

රාජ්‍ය ආයතනවල රැස්වීම් සහ උත්සවවලට තරු පංතියේ හෝටල්වලින් ආහාර ගෙන ඒම නොකරන ලෙස රජය එම ආයතන ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

බොහෝ ආයතනවල විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී තරු පංතියේ හෝටල්වලින් ආහාර ගැනීම කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතිණ.

පවතින ආර්ථික තත්වයේ හමුවේ එවැනි වියදම් දැරීම සුදුසු නොවන බවත් රජයේ ආයතනවල වියදම් හැකිතාක් සීමා කරන ලෙසට දැනුම් දුන් බවත් රජයේ උසස් නිලධාරියෙක් පැවැසීය.