Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජපක්ෂලාට එරෙහිව සාක්ෂි දෙන අයට සාක්ෂි දීමෙන් පසු වැළඳෙන සුලබ රෝගයක් ලංවීම සභාපතිටත් වැළඳේ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ බලපෑමක් අනුව ජනාධිපතිවරයා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බවට තමන් කෝප් කමිටුවේදී ඊයේ (10) සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩූ මහතා අද (11) ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බවද ඔහු පවසයි.

ඊයේ තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය අද(11) ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බවද ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් වගකිවයුතු නිලධාරියෙකු ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩූ මහතා කොප් කමිටුවේ දී ඉහත ප්‍රකාශය සිදු කළ බව සහ එම අවස්ථාවේදී ඔහු බොහෝ සැහැල්ලූවෙන් ඊට පිළිතුරු ලබා දෙන ආකාරයද දැක ගැනීමට හැකි වුණා.

ඔහුට එවැනි පිළිතුරක් ලබා දෙන ලෙස බලකිරීමක් බිය වැද්දවීමක් පාර්ලිමේන්තුවේදී රැස් වු කෝප් කමිටුවේ දී සිදු නොවූ බව පහත වීඩියෝවෙන් පැහැදිලිව දැක ගත හැකියි.

කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන බොහෝ පුද්ගලයන් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පවසන පොදු කරුණක් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට අප කැමති.

එම පොදු කරුණ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩූ මහතාගේ ඉහත ප්‍රතිචාරය තුළ ද ගැබ්ව පවතිනවා.

එනම් තමන් රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි ලබාදුන්නේ තමා ප්‍රශ්න කරන අවස්ථාවේදී තමන්ට එල්ල වූ බරපතළ බලපෑම සහ පීඩනය හමුවේ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හෝ යහපාලනය සමයේ ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ කොට්ඨාශය තුළදී අදාළ ප්‍රශ්න කිරීම ජනතාවට නොපෙනෙන නිසා මෙම කරුණ විශ්වාස කිරීමට හැකියාවක්ද පැවතුනා.

මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ල වූ මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම , පුද්ගලයින් මරා දැමීම , අයතා ලෙස මුල්‍ය වත්කම් උපයා ගැනීම ආදී සම්බන්ධයෙන් සිදුවීම් සම්බන්ධයෙන් වූ සාක්ෂි විභාග වලදී ඔවුන්ට එරෙහිව සාක්ෂි ලබාදුන් බොහෝ දෙනෙකු දේශපාලන බලය නැවත වතාවක් රාජපක්ෂලා අතට පත් වූ පසු තමන් එලෙස රාජපක්ෂලාට එරෙහිව සාක්ෂි ලබාදීම සිදු කළේ තමන්ට එල්ල වූ බලපෑම් සහ පීඩනයන් හමුවේ බව පවසා තිබුණා.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ද විදුලිබල මණ්ඩල සභාපතිවරයා එයට සමාන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කළ ද එහි සත්‍ය තත්ත්වය මාධ්‍ය ඔස්සේ විකාශය වීම හේතුවෙන් මෙම සිද්ධිය පිළිබඳව මීට පෙර සිදු වූ එවැනි සිදුවීම් පිළිබඳ බුද්ධිමත් ජනතාවට සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද සම්බන්ධ කරගනිමින් විදුලිබල මණ්ඩල සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට රාජතාන්ත්‍රික මට්ටමේ ගැටලුවක් දැන් නිර්මාණය වී ඇති අතර ඒ පිළිබඳ නිවැරදි කරුණු සොයා බලා මහජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීම අදාළ සියලු බලධාරීන්ගේ වගකීමයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩූ මහතා බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද බව පැවසෙන නොරොච්චෝලේ බලාගාරය ඇමරිකාවේ new fortress energy සමාගමට විකිණිමේ ගණුදෙනුව මධ්‍යම රාත්‍රියේ අස්සන් කෙරුණු දූෂිත බව පැවසෙන ගිවිසුමේ ලංකාව සහ ඇමරිකාව යන පාර්ශව දෙක වෙනුවෙන්ම සාක්ෂි සදහා අත්සන් කළ අපූරු සාක්ෂිකරුවායි.

About The Author