Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල් රට ව්‍යසනයකට ගෙනියනවා : මුදල් ඇමති කම ෆේල් : පොහොට්ටු ඇමති ධම්මික අගමැති රනිල්ට ඉවත්වන ලෙස දැනුම්දෙයි : ඔස්තාර්ලා සමඟ විවාදයකට එන්නැයි අභියෝග කරයි

ආර්ථික අර්බුදය විසදන්න රනිල්ට බැහැලු

ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අද පෙරවරුවේ ( 06) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සහ එයට සමගාමීව නිවේදනයක් ද නිකුත් කරමින්.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහට කිසිදු සැලසුමක් නැති බව පොහොට්ටු මන්ත්‍රී ඇමැති ධම්මික පෙරේරා මහතා මෙම මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඇමැතිවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිගේ සැලසුම්

1. මුදල් ඇමැතිවරයාට මේ ඩොලර් අර්බුදය විසදීමට රුචියක් ඇති බව නොපෙනේ.

2. ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අර්බුදයන් ඩොලර් අර්බුදය හා එකිනෙක සම්බන්ධව ඇත.

3. මුදල් ඇමතිවරයාගේ සැලසුම වී ඇත්තේ ඔහුගේ මිතුරන්ගෙන් ණයට ගැනීමයි.

4. මුදල් ඇමැතිවරයාට ඉදිරියේදී රටට ණය ලබා ගැනීමට කිසිම සැලසුමක් නැත.

5. එමෙන්ම, ඇමැතිවරයා මේ ඩෙලර් ඉපැයීම්, ණයගැනීම් සහ භාණ්ඩ ණයට ගැනීම ආදී සියලු කටයුතු ප්‍රමාද කර තිබේ.

මධ්‍ය නිවේදනයට හේතු වූ කරුණු පහත දැක්වේ

1. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා, මේ අවදියේදී සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සුදුසු කාලයක් නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය දරුනු බිද වැටීමකට ලක් වී ඇත.

2. ශ්‍රී ලංකා මහා බැංකුව විදෙස් ප්‍රේෂණ වැඩි කර ගැනීමට ආකර්ශනීය සැලසුම් සකස් කර තිබුණත් මුදල්ඇමැති ඉදිරියේදී ඩෙලරය රුපියල් 450 දක්වා ඉහළ යාමට හැකි බව කීම නිසා අමතර ආදායම් හා ප්‍රෙෂණ වැඩි කරගනීම අවහිර වී ඇත.

3. මුදල් ඇමැති සති දෙකෙන් දෙකට රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ යාවත් කාලීන කිරීම මගින් රටේ ධනවතුන්ට ඔවුන්ගේ මුදල් සමග රටෙන් පිට වීමට සංඥාවක් දී ඇත. මේ තත්ත්වය ඩොලර් අර්බුධය තව තවත් තීවුර කිරීමට හේතුවක් වී තිබේ. මසකට මෙබදු පවුල් 200ක් රටෙන් පිට වෙනවා. මොවුන් ඩොලර් මිලියන බාගය බැගින් ගෙන ගියහොත් මසකට රටෙන් පිටතට යන ඩොලර් ප්‍රමාණය ඩොලර් 100කි.

4. ශ්‍රී ලංකාවේ අද පවතින අන්දමේ උද්ධමනක් කිසි කලකවත් තිබී නැත. මුදල් ඇමැති මෙය අඩු කරන බව කියන නමුත් ඇමැතිට එක කිරීමට කිසිදු සැලසුමක් නැත.

5. පොලී අනුපාතික ඉහළයි. මෙය කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා සෘණාත්මකව බලපා ඇත. ඇමැතිවරයාට පොලී අනුපාතික අඩුකිරීමට සැලසුමක් නැත.

6. ඇමැතිවරයා විනිමය අනුපාතික ස්ථාවර කිරීමට අවශ්‍යතාවක් ඇත. නමුත් ඔහුට ඊට ද සැලසුමක් නැත.

7. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ශ්‍රී ලංකාවේ ණය අනුපාතිකය සියය 140කි. ඇමැතිවරයාට මෙය සියයට 95ක් දක්වා අඩු කරන්න අවශ්‍යතාව ඇත. නමුත් ඒකටත් ඔහුට සැලසුමක් නැත.

8.මුදල් ඇමැතිවරයා ඉදිරියේදී වේල් දෙකක් පමණක් කන්න සූදානම් වන ලෙස ජනතාවට කීවේය. මින් සිදු වූයේ මුදල් ඇති මිනිසුන් බඩු රැස්කර තබා ගැනීමට පෙළඹීමයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ හිගයකට මූණ දීමට සිදු වනු ඇත.

මේ හේතු නිසා මුදල් ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි.