Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල් කොහෙක් කොහාට කුඩුවක් නෑ : සජබේ ආචාර්ය හර්ෂ කියයි

රනිල්ගේ ආර්ථික දැක්මට හැමදාම වගේ මේ පාරත් මම එකඟයි

‘රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙළ කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

අතුරු අයවැය පිලිබද අදහස් පල කරමින් ඔහු මෙසේ සදහන් කලේය.

‘මේක පූර්ණ අයවැයක් නෙවෙයි. මේ මගින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති දිශාව. මම හැමදාම කියනවා වගේ මම ඒ ආර්ථික ප්‍රතිපත්තියට එකඟයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ වගේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ මේ පාර විතරක් නෙවෙයි.

ඔහු හැමදාම ඉදිරිපත් කළේ පුද්ගලික අංශයට මුල්තැන දෙන, ලෝකය සමග එකතුවුණු, තරගකාරීත්වය වැඩිකළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි, ඔහුට ඒක කරන්න කවදාවත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ළිං මැඩි ආර්ථික කල්ලිය ඉඩ දුන්නෙ නෑ. ඉතිං, මේ සැරේ ඒක කරන්න ඉඩ දේවිද? මම නම් හිතන්නේ මේ පාරත් ඔවුන් ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ. කොහාට කූඩුවක් නෑ.

කොහා කාක්කාගේ කූඩුවේ ගිහින් බිත්තර දානවා. පොඩිකාලේ කොහාගේ පැටව්ත් කාක් පැටව් වගේ. හැබැයි, ටික ටික ලොකු වෙනකොට කොහා පැටව් කාක්කට අඳුරගන්න පුලුවන්. එතකොට කාක්කා කොහා පැටව් එලවලා දානවා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියත් කාක් කූඩුවේ දාපු කොහා පැටව් වගේ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියන දේශපාලන තත්ත්වයත් එක්ක ක්‍රියාත්මක කරන්න අමාරුයි’