Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල් අගමැති වෙලා ජනතා ප්‍රශ්න වෙනුවට රාජපක්ෂ පවුලේ ප්‍රශ්නය විසඳුවා : මන්ත්‍රී රාසමානික්කම් සැරට කියයි

ජනතා විරෝධය හමුවේ බලය අතහැර යාමට සිටි රාජපක්ෂ කල්ලිය බේරා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තියක් නොමැති දේශපලන ඩීල් කරුවෙකු ලෙස ක්‍රියාකර ඇති බව ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකකම් මහතා චෝදනා කරනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් වුවද මේ දක්වා රටේ ජනතාව මුහුණ දෙන කිසිදු බරපතළ අර්බුදයකට විසදුම් ලබා දීමට ඔහුට නොහැකි වී ඇති බවයි.

ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ පවුලේ ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබාදී ඇති බව ද පෙන්වා දුන්නා.