අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවට වරදකරු ව දැනට සිරගතව සිටින රංජන් රාමනායක මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ඓතිහාසික දේශපාලන ලණුවක් පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන මහතාගේම සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් කරුණු හෙළි කරනවා.
Mee Masoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් ඕෂල හේරත් මහතා මෙම කරුණු අනාවරණය කළා.
ඔහු අවධාරණය කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද තිබියදීත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා කිසිදු බියකින් තොරව පාර්ලිමේන්තුවෙන් පිටතට විත් අධිකරණයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සිදුකරන අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දිරි ගැන්වීමක් ද රංජන් රාමනායකට හිමි වූ බවයි.
යම් හෙයකින් රන්ජන් රාමනායක මහතා අධිකරණය මගින් වරදකරුවෙකු කළහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට පොරොන්දු ව සිටි බවද ඔහු මෙහිදී හෙළිකළේ අදාළ හඬ පටයද තමා සතු බව පවසමින්.
යහපාලනයේ මෛත්‍රීගේ සහ පවුලේ කෙරුවාව
යහපාලනය ස්ථාපිත කරන බව පවසා බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වංචා දූෂණ රැසක් සිදු කළ ආකාරයද ඔහු විසින් හෙළිකර කරනවා.
ටෙන්ඩර් වංචා, රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, පවුලේ සාමාජිකයන් සමඟ එක්ව සිදුකළ වංචා රැසක් පිළිබඳ ඔහු විසින් කරුණු ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.
නිලධාරීන්ට ඇහුම්කන් නොදී කටයුතු කිරීමේ සිරිසේන මහතාගේ පුරුද්ද මේ මොහොතේද අත්හැරී නොමැති බව ද ඕෂල හේරත් මහතා සඳහන් කරනවා.
ගෝල්ෆේස් අරගලයට රනිල් අතහිත දෙන හේතුව මෙන්න
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෝල්ෆේස් අරගලය පෝෂණය කරමින් සිටින්නේ තීරණාත්මක දේශපාලන කරුණක් වෙනුවෙන් බව ද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළිකරනු ලැබුවා.
වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉරණම ගෝල්ෆේස් අරගල භූමිය මත තීරණය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්