Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රත්න හිමි මෙදා සැරෙත් නොදැවී කරළියේ – අජබප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මීට පෙර තුන්වතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවා.

ඉකුත් මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් පමණක් හිමි වූ අතර එය බෙදා ගැනීම සම්බන්ධයෙන් බරපතල අභ්‍යන්තර අර්බුද ගණනාවක් එම පක්ෂය තුළ නිර්මාණය වුණා.

එහි අවසන් ප්‍රථිපලය ලෙස පක්ෂය සී සී කඩ වී ගිය අතර මන්ත්‍රී ධුරය සඳහා රත්න හිමියන් නම් කෙරුණා.

ඒ අනුව ඉකුත් දා ජාතික මැතිවරණ කොමිසම විසින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම අදාළ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා නම් කරමින් ගැසට් පත‍්‍රයක් ද නිකුත් කළා. 

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි උන්වහන්සේ රාජපක්ෂ පාලනය විවේචනය කරමින් යහපාලනය සමගද නැවතත් යහපාලනය විවේචනය කරමින් රාජපක්ෂ පාලනය සමගද කටයුතු කරනු ලැබුවේ තමන්ගේ මන්ත්‍රී ධුරයද ආරක්ෂා කරගනිමින්.

උන්වහන්සේ පසුගිය කාලයේ යහ පාලනය විවේචනය කරමින් කටයුතු කළේ ද එක්සත් ජාතික පක්ෂය වෙත හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරමින් වීම විශේෂත්වයක්.

රත්න හිමියන්ට මෙවරද හිමි වුයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වන අතර මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් හතරවන අවස්ථාව මෙයයි.