Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජයේ මැති ඇමතිවරුන් පසුපස රාජ්‍ය බුද්ධි අංශය පන්නයි : ආණ්ඩුව තුළ බරපතල කැරැල්ලක්

පොහොට්ටු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ කතාවකින් එලියට පනී

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීමට රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුන තොරතුරු ද හේතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

දෙල්කඳ පොළේ දැක්වූ අදහස් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාව ඉවත් කළ බවට බොහෝ දෙනෙකු විශ්වාස කළත් එය එසේ නොවන බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ආණ්ඩු පෙරලීම, විකල්ප ආණ්ඩු තැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ආචර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවයි තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

About The Author