Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජයෙන් දෙන බඩුමල්ල ලැබුනේ නැත්නම් කියන්න දුරකථන අංකයක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියද, රජයෙන් ලබාදෙන බඩුමල්ල මෙතෙක් නොලැබුණු පුද්ගලයන් ඇත්නම් ඒ පිළිබඳ තමාව දැනුවත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසයි.

ඒ පිළිබඳ දැනුම් දීම සඳහා 011 2369139 යන දුරකථන අංකය භාවිත කළ හැකිය. එසේ නොමැති නම් අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කළ පසු තමාට හිමි බඩු මල්ල ලබාගත හැකි බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් Covid-19 ආසාදිතයන් 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් විසිදහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.