Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුරෝපා සංගමය ලංකාව ගැන කියූ කතා බොරු – ඇමති දිනේෂ් තානාපතිවරුන්ගේ මුණට ම කියයි

ශ්‍රී ලංකාවේ තත්ත්වය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන කරුණු අඩංගු කර යුරෝපීය පාර්ලිමේන්තුවේදී සම්මත කළ GSP + බදු සහනය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවට සම්බන්ධ සාවද්‍ය කරුණු මත පදනම්ව සිදු කළ එකක් බව විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් හමුවේ දැන්වූ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (14) විදේශ අමාත්‍යාංශයේ දී කොළඹ යුරෝපා සංගම් නියෝජිත සංගමයේ වැඩබලන තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් මහතා සහ කොළඹ සිටින ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් පැමිණි යුරෝපා සංගමයේ තානාපතිවරුන් හමුවූ අතර එහිදී විදේශ අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිසන්ධානය සහ සංවර්ධනය පිළිබඳ ප්‍රගතිය අදාළ යෝජනාවේදී සැලකිල්ලට ගෙන නොමැති බවත් , එලෙස තිබියදී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කනගාටුව පළ කරන බවත් විදේශ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී එම තානාපතිවරුන්ට දැනුම් දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

සම්මත කරනු ලැබූ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් හෝ වෙනත් සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිතා කර ඇති බවට කරනු ලබන ප්‍රකාශය ද රජය ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

About The Author