අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හී සුරාට් අධිකරණය විසින් අද (23) නියම කර තිබේ.
කෙසේ වෙතත් රාහුල් ගාන්ධිගේ දඬුවම දවස් 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබේ. ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා දඬුවම දවස් 30 ක කාලයකට අත්හිටුවා ඇත.
“හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්රශ්නය හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබිණ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට