Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්ධන මිලෙහි අදහාගත නොහැකි වෙනසක්

ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට ඉන් විශාල සහනයක් ඇතිවනු ඇති බවය. මේ අතර එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල සියයට 20ක ප්‍රතිශතයකින් පමණ මෙලෙස පහළ යනු ඇති බවය.

රුසියා-යුක්‍රේන යුද්ධයෙන් පසුව මෙවැනි අගයකින් බොරතෙල් මිල පහළ යනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවද එම වාර්තා පෙන්වා දී තිබේ.

විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ පසුගිය වකවානුවේ බොරතෙල් මිල ඉහළ යාමට රුසියා-යුක්‍රේන යුද්ධය ප්‍රබල සාධකයක් වූ බවය.

මේ අතර පසුගිය සතිය වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 කට ආසන්න අගයක් දක්වා පහළ වැටී තිබුණි.

2021 වසර වනවිට ඩොලර් 100ක් දක්වා ඉහළගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මේ තරම් අගයකින් පහත වැටී තිබුණේ ද මුල් වරටය.