Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෛත්‍රී පිළිගැනීමට ගෝඨාභය ගුවන් තොටුපොළට – රට පුරා යන්නේ ශීතකරන සහිත රථවලින්

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

මෙම එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල නම් කොට ඇත්තේ “වැක්සින් මෛත්‍රී” නමිනි.

ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායි හි “සීරම් ඉන්ස්ටිටියුට්” ආයතනය විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරණ ගුවන් යානය අද  පෙ.ව 11.45 ට බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොල වෙත පැමිණියා.

ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1323 කි.

එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.

එන්නත් සියල්ල සෙල්ෂියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තැබිය යුතුයි.

එන්නත්කරණ වැඩපිළිවෙල බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29)  ආරම්භ කෙරේ.

කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත මෙම එන්නත පළමුව ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට අනුව මෙවැනිම එන්නත් ලක්ෂ 03ක තොගයක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය නොවන අතර එය පුද්ගලයන්ගේ ස්වාධීන තීරණයක් බවයි වීරතුංග මහතා පවසන්නේ..මේ අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයාජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්  පිළිගැන්වීය.

May be an image of airplane
May be an image of standing
May be an image of 1 person and standing
May be an image of standing and sitting
May be an image of standing and sitting