Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුල් ගල් හොරුන්ට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද ? නැත්නම් ජාතකේ හැටිද ? – සිරි සමන් විජේසූරිය ලියයි

යහපාලන ආණ්ඩුවේ මුල්ගල් පෙළක් උගුල්ලා විසි කර රාජපක්ෂ ලේබලය අලවගත්තම රට සංවර්ධනය වෙනවද ?

කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් වැඩ කරන්නේ ජනතා බදු මුදලින් බව රටේ සමහරක් නොදන්නවා වැනිය.

නමුත් රටේ ජනතවගේ බදු මුදල් කුමන අයුරකින් යොදා ගන්නේද යන්නත් ඒ සඳහා සත්‍ය වශයෙන්ම මුලික වී කටයුතු කළේ කවුද යන්නත් නැවත වතාවක් රටේ ජනතාවගේ දැන ගැනීම සඳහා රජය ක්‍රියාත්මක කරන බොහෝ ව්‍යාපෘති සඳහා මුල් ගල් තැබීම් සහ අදාළ ව්‍යාපෘති වැඩ අවසන් කොට විවෘත කිරීම වෙනුවෙන් සමරු පලක ස්ථාපනය කරනවා.

එහිදී සංකේතාත්මකව නොමැකෙන ලෙස අදාළ වැඩසටහන සඳහා නායකත්ගවය ලබා දුන්ලේ මජන නියෝජිතයින්ගේ විස්තර මෙන්ම සම්පත් දායකයින්ගේ විස්තර ශිලා පෘෂ්ඨයක ස්ථාපනය කරන්නේ අදාළ කාර්ය ඉටුකළේ කවුද ? නායකත්වය දුන්නේ කවුද ? කවදාද? කොපමණ මුදලක් වැය වුණාද ? ආදී කරුණු ජනතාවව දැන ගැනීම සඳහා අවස්ථාව උදාකර දීම සඳහාය.

ජනතාවට සත්‍ය වසන් කරන අධම දේශපාලනය

මුල් ගලකින් පවා ජනතාව සත්‍යය දැනගැනීමට අයිතියක් තිබෙනවා.

නමුත් එම අයිතිය පවා අහිමි කිරීම සඳහා මුල්ගල් උගුලා දමන්නට යම් පිරිසකට හැකිනම් ඔවුන් අධමයින් නොවේද ?

යහපාලනය පට්ට පතුරු ගසමින් බොරු බේගල් ඇද බාමින් කප්පරක් නාට්‍ය රංග දක්වමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව , යහපාලන ආණ්ඩුව කිසිවක් රටට ඉටු නොකළ බව කියමින් ඔවුන්ගේ ව්‍යාපෘතිම විවෘත කරමින් රටපුරා යාම තරම් විහිළුවක් තවත් තිබේද?

විහිලුවේ හොඳම කෑල්ල වන්නේ අදාල වැඩසටහන්වලට මුල්ගල් ගලවා ඒ වෙනුවට රාජපක්ෂ අනන්‍යතාවය මතු කරන ගල් පුවරු සවි කර ගැනීමයි.

මෙහි ආසන්නතම සිදු වීම ගාල්ල දිස්ත්‍රික්කයේ අප අත්විඳිමින් ඉන්නවා.

අපිට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමත්‍ය ධුරය දැරූ වජිර අබේවර්ධන ගමට ඇවිත් කිව්වා රට පුරාම අභිනවයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි 180 නවීන පහසුකම් වලින් සමන්විත ඉදිකිරීම සඳහා යහපාලනය කටයුතු කරනවා කියලා.

එහෙම කියලා හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුවට , අම්බලන්ගොඩ ගෝනාපීනුවලට , හිනිදුම නියාගමට වගේම තවලමට ,බද්දේගමට , හබරාදුවට ,අක්මීමණට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිකිරීම සඳහා කටයුතු කළා.

තෙමහල් සහ සිව්මහල් විදියට සකස් කර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කළා.

තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක්

ඉන් අනතුරුව බද්දේගම යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මතක විදියට 2018 ජනවාරි මාසේ වජිර අබේවර්ධන මුල් ගල තිබ්බා.

2019 දෙසැම්බරයේ විවෘත කරනවා කියලයි කිව්වේ.

රුපියල් ලක්ෂ 524 ක් මේකට වියදම් කරලා තිබුණා.

හිනිදුම නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එහෙමයි.

ලක්ෂ 914 ක් වය කරලා ඉදිකරල 2019 දෙසැම්බරයේ විවෘත කරන්න සැලසුම් කරලා තිබුණේ.

ලක්ෂ 526 වැය කරලා ඉදිකරලා 2019 දෙසැම්බර් මාසේ විවෘත කරන්න තිබුණු හිනිඳුම නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් නියමිත කාලයට විවෘත කෙරුණේ නැහැ.

ඒක ට හේතුව කියලා කිව්වේ මැතිවරණය.

ඒ කාලේ ජනාධිපති ධුරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂ.

කාලය ගත වුණා. ගොඩනැගිලි විවෘත වුනේ නැහැ.

තවත් කාලය ගත වුණා. අවුරුදු දෙකකට වැඩි කාලයකට පස්සේ අද (21) ගොඩනැගිලි විවෘත වෙනවා.

හැබැයි මුල්ගල් උගුල්ලලා හංගලා.

වැඩේට එන්නේ චමල් රාජපක්ෂ

අද විවෘත කෙරෙන අනුන් කරපු වැඩේට නම දෙන්න එන්නෙ රාජපක්ෂ පවුලේ ලොකු අයියා.

ස්වදේශ කටයුතු ඇමති චමල් රාජපක්ෂ.

අපිට කමක් නැහැ ඇමති විදිහට විවෘත කළේ තමන් කියලා බෝඩ් එක ගහගත්තට.

රාජපක්ෂ ලොකු අයියා ලැජ්ජ වෙන්න ඕන නැද්ද ?

හැබැයි මේ වැඩසටහන යෝජනා කරලා ඒකට මංගල පස් පිඩැල්ල කපපු දවසේ තියපු දවසේ යහපාලන රජය තියපු මුල්ගල ගල් කරපු එක ගැන රාජපක්ෂ ලොකු අයියා ලැජ්ජ වෙන්න ඕනෙ.

අනුන්ගේ කරපු වැඩ තමන්ගේ වගේ රටේ ජනතාවට පෙන්නලා රටට ම මේ වෙනකොට පේන තමන්ගෙ හෙළුව වහගන්න වැඩ කරන ඔහෙලා ගැන ඔහෙලට නැති වුණාට බලන් ඉන්න අපිට දැනෙන්නේ විලි ලැජ්ජාවක්.

මේ වෙනකොට අද විවෘත කරන බද්දේගම යක්කලමුල්ල, හිනිදුම නාගොඩ වගේම හිනිඳුම නෙළුව ලේකම් කාර්යාල වල තිබුණු මුල්ගල් අතුරුදන්.

මේ තියෙන්නෙ ගලවලා පැත්තකට දාපු එක මුල් ගලක්.

ගලවා පසෙකට දමා ඇති නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල්ගල්

මුල් ගල් උගුල්ලා සත්‍ය වසන් කළ හැකිද?

එසේ කිරීමට යන්නේ සැබවින්ම වැඩ කළ නොහැකි දුබලයින් නොවේද ?

දැන්වත් අනුන් කරන වැඩ වලට තමන්ගේ නම කොට ගන්න ” ගාය ” සනීප කරගන්න බලන්න.

අලුත් දෙයක් මිනිස්සු වෙනුවෙන් කරන්න.

කවුරු කරත් ඒක අගය කරන්න පුරුදු වෙන්න.

චමල් රාජපක්ෂ මහත්තයෝ ඔහේ මේවා දන්නේ නැත්නම් මේ වගේ අනුන්ගේ මුල් ගල් හොරකම් කරන ඇම්බැට්ටයෝ කරමුලින් අල්ලගන්න.

නැත්නම් ඔබතුමාලගේ ශ්‍රී නාමයෙ තව තවත් අසූචි තැවරෙන එක නම් වළක්වා ගන්න බැරි වෙයි.

© සිරි සමන් විජේසූරිය