රටේ ආහාරමිල උද්ධමනය මැයි මාසයේ තිබූ 57.4% සිටි ජුනී මාසය අවසන් වනවිට 80.1% දක්වා ජනතාවට කිසිසේත් දරාගත නොහැකි මට්ටමකින් ඉහළගොස් ඇති බව රජයේ නවත නිල ලේඛනවලින් අනාවරණය වේ.
එම කාලය තුළ සමස්ත උද්ධමනය 39.1% සිට 54.6 දක්වා වැඩි වී තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගෙන ජනත හා සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුව මාසිකව නිකුත්කරන වාර්තාවෙන් මේ බව හෙළි වී තිබේ.
එය නිල වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද ප්‍රසිද්ධියට පත් කරයි.
ආහාර මිල උද්ධමනය ඉතා විශාල වශයෙන් සිදුවීම නිසා සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 17ක් සහ වතු ජනතාව ඇතුළු දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට කිසිසේම ඔරොත්තු නෙදෙන තත්වයක් උදාවී ඇත.
විශේෂයෙන්ම ආණ්ඩුව සහල් කිලෝවක උපරිම මිල රුපියල් 220ක් වශයෙන් ගැසට් නිකුත් කළද වෙළඳපොළේ එම මිල ගණන් රුපියල් 290 ඉක්වා ගොස් තිබේ.
එසේම තිරිඟු පිටි මිලද රුපියල් 300 ඉක්මවා ඇති අතර පාන් රාත්තලක මිල රුපියල් 180ක් දක්වා ඉහළ නැග තිබේ.
පරිප්පු කිලෝවක මිල රුපියල් 600 ද ඉක්මවා ගොස් ඇත.
උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිල වාර්තාව පහත අමුණා ඇත.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි