Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්ද නායක හාමුදුරුවෝ නම් විමල් කියන්නේ කුලියට ආපු කවිකාරයෙක් – කවිකාරයන්ට පන්සල් ලියා දෙන්නේ නැහැ – සනත් නිශාන්ත

මහින්ද රාජපක්ෂ මහතා පන්සලේ නායක හාමුදුරුවන් ලෙස උපමාවට ගතහොත් විමල් වීරවංශ නායක අමුදුරුවන්ට කවි කීමට බැරි නිසා ගෙන්වා ගත් කවිකාරයෙකු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.

විමල් වීරවංශ යනු තමන් ඇතුළු පිරිස එක්වී පන්සලේ සිදුකළ පිං කමේදී කවි කියන්නට ගෙන්වා ගත් කවියෙකු බවත් පිංකම අවසානයේ ගාස්තු ගෙවා එම කවිය ගෙදර යැවූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

නමුත් පන්සලේ පිංකමේ කවියක් කී පමණින් කවියාට පන්සල ලියා දෙන්නේ නැති බවද සනත් නිශාන්ත මහතා පවසා ඇත්තේ විමල් වීරවංශ මහතාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින්.

මහින්ද රාජපක්ෂ රජය සමයේද විමල් වීරවංශ මහතා ආර්ථික ඝාතයකු ලෙස පී.බී ජයසුන්දර මහතාට චෝදනා කර ගැටුමක් ඇති කරගත් බවත් මේ අවස්ථාවේද එයම සිදුකරන්නට යන බවද ඔහු පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට අයිතිකාරයකු නොමැති බවත් මෙය සියලුදෙනාම එකතු වී බිහිකරගත් ආණ්ඩුව බවයි.