Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බුද්ධ ධර්මය පාසල් අධ්‍යාපනයෙන් ඉවතට – සෙසු ආගම් ද නෑ

බුද්ධ ධර්මය පාසල් දරුවන්ගේ ඉගැන්වීම් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම තීරණය ගෙන තිබෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය විසින්.

ඒ අනුව මේ වන විට දරුවන් සඳහා බුද්ධ ධර්මය මෙන්ම සෙසු ආගම් ඉගැන්වීමද සම්පුර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.

මේ දිනවල අදාළ අමාත්‍යංශය ජාතික අධ්‍යාපන ආයතනය සහ රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධිකරණ කරමින් දරුවන් වෙනුවෙන් රුපවාහිනිය හරහා අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති තිබෙන්නේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන්.

එම ඉගැන්වීම් වලදී, ජුනි මස 01 වෙනිදාට පෙර අදාළ කාලසටහන් වලට ඇතුළත් කර තිබු බුද්ධ ධර්මය, කතෝලික ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය යන විෂයන් ජුනි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කාලසටහනෙන් ඉවත් කර තිබෙනවා.

අධ්‍යාපන විශාරදයින් පෙන්වා දෙන්නේ රජය විසින් අදාළ ඉගැන්වීම් වලදී නිසි විෂය ප්‍රමුඛතාවන් මෙතෙක් නිවැරදිව හඳුනාගෙන නොමැති බවයි.

ජුනි 01 වෙනිදා පෙර ක්‍රියාත්මක වූ කාලසටහන

ජුනි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කාලසටහන

About The Author